தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
ජයලත් මනෝරත්නගේ අවසන් කටයුතුවලට දේශපාලන මැදිහත්වීම් වළක්වයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජයලත් මනෝරත්නගේ අවසන් කටයුතුවලට දේශපාලන මැදිහත්වීම් වළක්වයි!



ප්‍රවීන නාට්‍යවේදී ජයලත් මනෝරත්නගේ අවසන් කටයුතු සංවිධානය කිරීමේදී දේශපාලන නායකයන්ගේ මැදිහත්වීම්වලින් නිදහස්ව චාම් ආකාරයෙන් සිදුකරන්නට අවමංගල්‍ය සංවිධායකයන් තීරණය කර ඇත.
ජයලත් මනොරත්න කලාකරුවාගේ ආදරණීය බිරිය ජයන්ති සිල්වා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන්ම කලාකරුවන් විසින් අවමංගල්‍ය කටයුතු සංවිධානය කරමින් දේශපාලන නායකයන්ගේ පටු අරමුණු වෙනුවෙන් අභාවයට පත් කලාකරුවාගේ දේහය පාවිච්චි කිරීමට අවස්ථාව වළක්වන්නට පියවර ගෙන ඇත. එහිදී දේශපාලන නායකයන්ට දේහයට ගෞරව කිරීමේ අවස්ථාව සළසා ඇත්තේ සාමාන්‍ය හිතමිතුරන් ලෙස එසේත් නැතිනම් කලා රසිකයන් ලෙස පමණකි. ප්‍රකට කලාකරුවන්ගේ අවමංගල්‍යයන් වෙත ප්‍රභූවාදී ප්‍රතිරූප එසවීම පිණිස පැමිණීමේ හා දැවැන්ත මල්වඩම් යැවීමේ ක්‍රමය සම්බන්ධයෙන් පවතින විරෝධය අවධානයට ගෙන බොහෝ දශෙපාලන නායකයන්ගේ ඉල්ලීම් ඉවත දමා හුදු අවසන් ගෞරවය දැක්වීමට පමණක් පැමිණෙන ලෙස දන්වා ඇත.
එසේම ජයලත් මනෝරත්න කලාකරුවාගේ අවසන් කටයුතු අවස්ථාවේ කලාකරුවන් නියෝජනය කරමින් ජැක්සන් ඇන්තනි විසින් පමණක් කතාවක් පැවැත්වීමට තීරණය කරමින් එවැනි අවමංගල්‍ය කටයුතු සිය දේශපාලන ප්‍රතිරූප වඩවා ගන්නට දරණ උත්සාහයන්ද වළක්වන්නට අවමංගල්‍ය සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. එම අවසන් කටයුතු 15 බදාදා සවස 5.00 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී සිදුකරන්නට කටයුතු සංවිධානය වෙමින් පවතී.