தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
ජර්මනියට නව සන්ධාන ආණ්ඩුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජර්මනියට නව සන්ධාන ආණ්ඩුවක්



පසුගිය වසරේ පැවැති ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අභියෝගයට ජර්මන් චාන්සලර්වරිය වන ඇංජෙලා මාකේල් මුහුණදී සිටියාය. එසේ වූයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග සන්ධානගතව සිටි පාර්ෂවයන්ගෙන් ප්‍රධාන කණ්ඩායමක් සිය සහාය ලබා දීම නතර කිරීමත් සමග මෙම අර්බූදය පැනනැගිනි.

කෙසේ වෙතත් මෙම මාස ගණනක් පැවැති සාකච්ඡාවලින් පසුව ඊයේ සිට ජර්මනිය තුල පැවැති දේශපාලන දෙගිඩියාව අවසන් කරමින් ඇන්ජෙලා මාකේල්ගේ නායකත්වය දරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග සංධානයක් ගොඩ නැගීමටත් ඉන් පසුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළ කර තිබේ.

පසුගිය වසරේ  පැවැති එරට ෆෙඩරල් මැතිවරණයේදී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි විය. ෆෙඩරල් මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පක්ෂය සමත්වුවද ඇයට එම ආසන ප්‍රමාණයෙන් පමණක් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව නොතිබුනි.

මේ හේතුවෙන් මාස කිහිපයක සිටි විවිධ කණ්ඩායම් සමග පැවැති සාකච්ඡා අවසන් එකගතාවයක් නොමැතිව අවසන් වීමත් සමග ජර්මනිය තුල ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගැනීමේ දේශපාලන අවිනිශ්චිතභාවයක් පැවතිනි.

මෙම පසුබිම එරට ආයෝජන හා අනෙකුත් ආර්ථික හා මූල්‍ය කටයතුවලටද යම් පමණකට බලපා තිබුනි.මේ හේතුවෙන් ජර්මනියේ ස්ථාවරය ආණ්ඩුවක අවශ්‍යතාවය දැඩිව අවධාරණය වන්නට වියි.

දිගින් දිගටම මෙසේ අවිනිශ්චිත තත්වය පවත්වාගෙන යන්නට නොහැකිවීම හේතුවෙන් ඇන්ජෙලා මර්කෙල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ දෙපාර්ශවය එකඟවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව සන්ධානය ඇතිකරගත් එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රබල ඇමැතිදූර කිහිපයක් ලබා දෙමින් මෙම එකගතාවය ඇතිකරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

.




Related News