தமிழ்
English
Contact
Friday 1st July 2022    
ජර්මනියට පැමිණි සරණාගතයින් පිරිසක් නැවතත් ග්‍රීසියට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජර්මනියට පැමිණි සරණාගතයින් පිරිසක් නැවතත් ග්‍රීසියට



ජර්මන් රජය විසින් එරට ස්ථාපිත කර ඇති සරණාගතයින් සදහා වන මධ්‍යස්ථාන සියල්ල සරණාගතයින්ගෙන් පිරීගොස් ඇති නිසා ඔවුන්ගෙන් පිරිසක් නැවත ග්‍රීසිය වෙත යැවීමට තීරණය කර ඇත.

මෙසේ  සරණගතයින් ලෙස ජර්මනියට වැඩි වශයෙන් පැමිණෙන්නේ ඉරාකය, සිරියාව, ලිබියාව හා ඇෆ්ගනිස්ථානය වැනි රටවල පුරවැසියන්ය. 2011 වසරේ එරට ව්‍යවස්ථාදායක අධිකරණය විසින් මෙසේ සරණාගතයින් නැවත වෙනත් රටවල් සදහා යැවීම නතර කිරීමට නියෝග දී තිබුනි.

නමුත් පසුව යුරෝපා හවුලේ සම්මුතිය මගින් මෙසේ නැවත සරණාගතයින් පැමිණි රටවල් වෙත නැවත යැවීමට එකගව ඇත. ඒ අනුව මෙසේ යවන සරණාගතයින් භාර ගැනීමට ග්‍රීසියද එකගවී ඇති බව වාර්තාවේ. මන්ද මීට වසර දෙකකට පෙර ජර්මනියට පැමිණි සරණගතයින් ප්‍රමාණය ලක්ෂ අටකි.

ඒ වන විට ග්‍රීසිය දැඩි ආර්ථීක අර්බූදයක සිටියදී සරණාගතයින් බාර නොකළේය. නමුත් දැන් ජර්මනිය විසින් සිය එකගතාවයන් අනුව සිට රටතුලට පැමිණ සිටින සරණාගතයින් පිරිසක් බාර ගැනීමට ග්‍රීසියට සිදුවන බවයි. නමුත් මේ දක්වා ග්‍රීසියේද ආර්ථික අර්බූදයද සමනයවී නොමත. ග්‍රීක ආගමන විගමන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ යම් ප්‍රමාණයක සරණාගතයින් බාර ගැනීමට තම රජය එකගවූ බවයි.

නමුත් ජර්මනිය විසින් සිය රටතුලට පැමිණි සරණාගතයින් යුරෝපා සංගමයේ වෙනත් රටවල් සදහා යැවීමේ උත්සාහය යම් කිසි ප්‍රමාණයකට සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා රටවල් කරා පැමිණෙන බොහෝ සරණාගතයින් ආර්ථික අතින් සවිමත් ජර්මනිය, ප්‍රංශය වැනි රටවල් වෙත පැමිණීමට දැඩි උත්සාහයක් ගනී.