தமிழ்
English
Contact
Sunday 31st May 2020    
ජල ගාස්තු ඉහළට - වාසු පොරොන්දුව ඉටු කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජල ගාස්තු ඉහළට – වාසු පොරොන්දුව ඉටු කරයි!



ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බවට ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මින් පෙර පවසා තිබුණු ආකාරයටම ජල පරිභෝජනයේ අවශ්‍යතා වැඩි අයගේ ජල ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, ඒකක 15 ට වඩා පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඊයේ(19) මාධ්‍ය අමතා පවසා තිබිණි.

එවැනි අධික ජල පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් වෙත ජලය සැපයීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරනු ලබන ජල ගාස්තු ප්‍රමාණවත් නොවන බවත් මේ පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි කාලයේදී ජල ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.