தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
ජවිපෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව නැවතත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජවිපෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව නැවතත්



ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට වන යෝජනාවක් ඊයේ (දෙසැ. 18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසිනි.

විධායක ජනාධිපති බලතලවල පවතින බරපතළභාවය පසුගිය දින 50ක කාලය තුළ රටේ සියලු දෙනා අත්දැකීමක් ලැබූ බව එම යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේය.

එහෙයින් එය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට සහය පළ කර මෙම වැදගත් කර්තව්‍යයට දායක වීමේ ගෞරවය හිමි කර ගන්නා ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ මලික් සමරවික්‍රම සහ ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා ද මෙම යෝජනාව අනුමත කර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ද සහය පළ කළ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සඳහන් කළේ, මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට “යළිත් ජනාධිපති ඡන්දයට ඉදිරිපත් විය නොහැකි නිසා මහින්ද රාජපක්ෂ වැනි මන්ත්‍රීරුන් මෙම යෝජනාවට කැමති විය හැකි” බවය.

කෙසේ වෙතත්, එක් එක් මන්ත්‍රීවරුන්ගේ අදහස් සැලකිල්ලට නොගෙන සමස්ත රටේ ශුභසිද්ධිය වෙනුවෙන් තීරණයක් ගත යුතු බවත් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කාලයක් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සටන් පාඨය බාවිතා නොකර සිට මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේනට එල්ලවී ඇති අප්‍රසාදය පාවිච්චි කොට එම සටන් පාඨය ඉන් උපරිම ප්‍රයෝජන ගෙන එම සටන් පාඨය ඉදිරියට ගැනීමට උත්සාහ දරනු පෙනේ. ඔවුන් මේ සටන් පාඨය ඉදිරියට ගැනීමේ එක් ඉලක්කයක් වන්නේ මධ්‍යම පන්තික ඡන්ද ආකර්ෂණය කරගැනීමයි.