தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න සමුගනියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න සමුගනියි



ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන එල්මෝ ගුණරත්න අද (28දා) පෙරවරුවේ කොවිඩ්-19 රෝගී තත්ත්වය හේතුවෙන් සිය නිවසේ දී මියගොස් තිබේ.

මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූ ඔහු දශක 6 ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨතමයෙකු ලෙස හැඳින්වේ.

එල්මෝ ගුණරත්න මහතා සිංහලයා පුවත්පතින් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ අතර පසුව ලේක් හවුස් ආයතනයට එක්විය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමට විරෝධය පා එයින් ඉවත් වූ කිහිප දෙනා අතර ඔහුද විය.

පසුව තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා ලෙස සේවය කළ ඒ මහතා 1978 දී යළි ශ්‍රී ලංකාවට පැමිණ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. එහිදී ලංකාදීප, සන්ඩේ ටයිම්ස් හා ඩේලිමිරර් යන පුවත්පත් තුනේම කර්තෘවරයා ලෙස සේවය කරමින් එවැනි දස්කමක් කළ ශ්‍රී ලංකාවේ පළමු හා එකම කර්තෘවරයා ලෙස සිය හැකියාවන් පෙන්වීමට ඔහුට හැකි විය.

එල්මෝ ගුණරත්න පසුව අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද සේවය කළේය.

පුතුන් සිව් දෙනෙකුගේ පියෙකු වූ එල්මෝ ගුණරත්නගේ වැඩිමහල් පුත්‍රයා වූ දමිත ගුණරත්නද ඊයේ (27 දා) හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ. ඔහුද කෙටි කලක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙකි.