தமிழ்
English
Contact
Friday 29th May 2020    
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩකයන් අමතයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩකයන් අමතයි!



මෙවර, ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතව තිබුණු 2020 ලෝක ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටි සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2021ක වසර දක්වා කල් දැමුණු ඔලිම්පික් උළෙලට සහභාගිවීමට නම් නැවත වරක් සුදුසුකම් මට්ටම දැක්විය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

වසරක කාලයක් ඔලිම්පික් උළෙල කල්දැමීමත් සමග ක්‍රීඩකයන්ගේ පරිසාධන මට්ටමක් පවත්වාගැනීමේ අරමුණ මත මෙම අවශ්‍යතාව ඇතිවන බව ඔලිම්පික් කමිටුවේ තීරණය වී ඇත. නව කොරෝනා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සහ ජපාන රජයට කෙරුණු යෝජනා සහ බලපෑම් මත තීරණය කෙරුණේ ඔලිම්පික් උළෙළ 2021ක වසර දක්වා කල්දැමීමටයි. ඒ අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටි සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2021ක වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙලට නැවත වරක් සුදුසුකම් මට්ටමට පැමිණිය යුතුය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන ආකාරයට ටෝකියෝ උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි හදිසි තත්වය තුළ අවලංගු කිරීමට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් අතරින් 57%ක පමණ පිරිසක් 2020 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා සිටියහ.

නමුත්, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම සුදුසුකම් ඉදිරි කාලසීමාව තුළ පවත්වාගැනීමට වග බලා ගතයුතු බවද ඔවුන් නැවතත් තෝරා ගැනීම්වලට එක් එක් රටේ ජාතික ඔලිම්පික් කමිටු පියවර ගත යුතු බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කර ඇත.