Posted on 03.26.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
Article IV යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්,ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේ අධ්‍යනයක් සිදුකල අතර එහි විවිධායක මණ්ඩල ප්රවෘත්ති නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ.
එහි සම්පූර්ණ වාර්තාව පිලිබඳව සර්ව පාක්ෂික සමුලුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර සංවාදාත්මක තත්ත්වයක් මතුවිය.
කෙසේ වෙතත් මේ වනවිට එම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත්කර ඇත.
කොලඹ වරාය නගරය සම්බන්ධයෙන් විශේෂ පරිච්ඡේදයක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇත්තේ එය නිසි ආර්ථික සහ මූල්‍ය කලමණාකරණයක් මගින් අනාගතයේදී ලංකාවට ඉහල ප්රතිලාභ අත් කර දෙනු ඇති බවයි.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවද නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ආකාරයට ජාත්‍යන්තර අරමුදලේ විසින් වාර්තාවේ සඳහන් නිර්දේශ කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.