தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එරෙහි වෙනවා - එ.ජනපදය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එරෙහි වෙනවා – එ.ජනපදය



එක්සත් ජනපද වැසියන්ට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසින් කටයුතු කරන්නේ නම් එම අධිකරණ ක්‍රියාමාර්ගයන්ට හා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එරෙහි වන බව එ.ජනපදය පවසයි.

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එරෙහිව සම්භාධක පනවන බව එ. ජනපද ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන ජොන් බෝල්ටන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ විසින් ඇෆ්ගනිස්ථානයේදී අත්අඩංගුවට රැදවියන්හට සිදු කළ යුද අපරාධ පිළිබදව චෝදනා එල්ල කොට එ.ජනපදය සෙබළුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මේ කරුණ පිළිබදව ජොන් බෝටන් පවසා ඇත්තේ එසේ තම රටේ පුරවැසියන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීමට ඉඩ නොදෙන බවයි.

එසේ කරන්නේ නම් එම අධිකරණ කටයුතු පවත්වාගෙන යාමට දෙනු ලබන මූල්‍ය ආධාර කපා දැමීමට කටයුතු කරන අතර ඊට එරෙහිව සම්භාධක පනවන බවටද තර්ජනය කර තිබේ.

 




Related News