தமிழ்
English
Contact
Saturday 16th February 2019    
ජාතික ආණ්ඩු යෝජනාව අකුළ ගන්නේ ඇමතිධූර වැඩිකර ගන්න බැරි නිසයි - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතික ආණ්ඩු යෝජනාව අකුළ ගන්නේ ඇමතිධූර වැඩිකර ගන්න බැරි නිසයි – පුබුදු ජයගොඩ



ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කිරීමට හේතුව ස්ථාවර ආණ්ඩුවක් බිහිකිරීම බව පැවසුවත් එහි සැබෑ අරමුණ ඇමතිධූර සංඛ්‍යාව වැඩිකර ගැනීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

අප කළ විමසීමකදී ඔහු පැවසුවේ ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ සැබෑ වුවමනාව 19වන ව්‍යවස්ථා සංශෝධනයේ 45 හතර වගන්තියට අනුව ජාතික ආණ්ඩුවකදී කැබ්නට් ඇමතිධුර සංඛ්‍යාව 40 දක්වා වැඩි කළ හැකි බව සඳහන් වීම නිසා බවයි. එසේම මෙම ඉදිරිපත් කළ යෝජනාවේ තිබෙන්නේත් කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව 48 දක්වා වැඩි කිරීමටත් අනෙකුත් ඇමතිවරු සංඛ්‍යාව 5න වැඩි කිරීමටත් යන කරුණු හරහා මෙහි අරමුණ වන්නේ ස්ථාවර ආණ්ඩුවක් සෑදීම නොව ඇමතිධූර සංඛ්‍යාව වැඩි ඉරීම බව තහවුරු වන බව පුබුදු ජයගොඩ පවසයි.

එසේම මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහොමයක් එක්සත් ජාතික පක්ෂය යටතේ මැතිවරණයට ඉදිරිපත් වූවන් බවත් එක එම පක්ෂයේ ලකුණ යටතේ තරඟ කළ මන්ත්‍රීවරුන් සිටින්නේ එක් අයෙක් පමණක් බැවින් ඔවුන් සමඟ ජාතික ආණ්ඩුවක් සෑදීම වෙනත් පක්ෂයක් සමඟ එකතුව සාදනවා යනුවෙන් සඳහන් කිරීම විහිළුවක් බව පුබුදු ජයගොඩ පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ “යහපාලන ආණ්ඩුව 2015 බලයට පත්වන විට ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨයක් වූවේ විශාල ඇමති මණ්ඩලයක් සිටිමින් ජාතික ධනය කාබාසිනියා කර දමමින් සිටින බවයි. නමුත් ඔවුන් දැන් හදන්නේ ජාතික ආණ්ඩු සංකල්පය දඩමීමා කරගෙන ඇමති මණ්ඩලය විශාල කරගන්න. පසුගිය කාලෙ මෛත්‍රී ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරපු වෙලාවේ සමහරු රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවැදී ලිබරල් මහත්තයෙක් ලෙස හැඳින්වූවා. නමුත් මේ හරහා පැහැදිලි වෙන්නේ ඔහු එහෙම නැහැ කියන එකයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේදී ඇමතිවරු කීයක් සිටිය යුතුද යන්න තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමල සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ ජාතික ආණ්ඩුවට විරුද්ධ නිසා 113කගේ කැමැත්ත ලබාගන්න බැරි නිසා තමයි මේක අකුලාගන්න තීරණය කරලා තියෙන්නේ”.