தமிழ்
English
Contact
Friday 24th May 2019    
ජාතික ආරක්ෂාව හා සංවර්ධනය ගැන චීනය සමඟ ගිවිසුම් 3ට අත්සන් තබයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතික ආරක්ෂාව හා සංවර්ධනය ගැන චීනය සමඟ ගිවිසුම් 3ට අත්සන් තබයි!



චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ගිවිසුම් 03කට එරට නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ චීන රජය අද (14දා) දිනයේ දී අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති නිල හමුවේ දී 21 වනදා ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

මේ අතර ජනාධිපතිවරයා කළ විශේෂ ඉල්ලීමක් පරිදි ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ජීප් රථ 100ක් වහාම ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද චීන රජය එකඟතාවය පළ කර තිබේ.

මීට අමතරව චීනයේ බීජිං නගරයේ දී පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද පැහැදිලි කිරීමට නියමිතය.