Posted on 11.05.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජාතික රෝහල තුළ පී.සී.ආර්. පරීක්ෂණ සිදු නොකරන බැවින් වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කරන පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තාවන් ප්‍රමාදවී ලැබීම නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවද මේ නිසා රෝගීන්ගේ ජීවිත රැකගැනීම බරපතල ගැටළුවක් වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.
අසාධ්‍ය රෝගියෙක් පැමිණියහොත් හෝ රෝගියෙකුට අසාධ්‍ය වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමට විශේෂඥ වෛද්‍යවරයා සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමේදී යම් කාලයක් ගත වෙන බැවින් රෝගියාට ක්ෂණිකව ප්‍රතිකාර ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද ඔහු පවසයි.
එහෙත් වෛද්‍යවරයා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොවිඩ් අවදානම නොතකා රෝගියාට ඉක්මන් ප්‍රතිකාර කිරීමට යාමේදී එම රෝගියා කොවිඩ් ආසාදිතයකු නම් ප්‍රතිකාර කළ සමස්ත කාර්ය මණ්ඩලයට දින 14කට නිරෝධායනයට ලක් කෙරෙන බැවින් රෝහලේ සමස්ත රෝගී සත්කාරයන් බිඳවැටෙනු ඇති බව හෙතෙම සඳහන් කරයි.
මෙම රෝහල තුළ පී.සී.ආර්. පරීක්ෂණයන් ආරම්භ කළ හැකි ක්‍රමවේදයන් ඉක්මනින් ක්‍රියාවට නැංවීමට කටයුතු නොකළහොත් ප්‍රතිකාර ප්‍රමාදවීම හේතුවෙන් විවිධ සංකූලතාවන් ඇතිවී තවත් බොහෝ රෝගීන් මියයෑම වැළැක්විය නොහැකි යැයිද හෙතෙම අවධාරණය කර තිබේ.