தமிழ்
English
Contact
Monday 26th October 2020    
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඥානසාර හිමියන්ට දෙනවලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඥානසාර හිමියන්ට දෙනවලු!



මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය පවසයි.

පක්ෂ මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයින්ගේ අනුමැතිය ඒ සඳහා හිමිව ඇති බව එහි මාධ්‍ය ලේකම් එරන්ද නවරත්න සඳහන් කළේය.

ඒ අනුව පක්ෂ සභාපතිවරයා හා ලේකම්වරයා ඒ පිළිබඳ අද හෝ හෙට දින මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.

කෙසේවෙතත් එහි මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමි විසින් තමාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කරගෙන ඇති බව සඳහන් කෙරෙන ලිපියක් මැතිවරණ කොමිසම වෙත භාරදීම හේතුවෙන් එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණි. එම හිමියන් ලිපිය බාරදීමෙන් පසු අතුරුදහන්ව ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් ඥානසාර හිමි කොළඹින් ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමත් සමඟ එම හිමියන්ගේ නම කිසිදු අපේක්ෂක ලැයිස්තුවක සඳහන් නොවීම හේතුවෙන් නීතිමය බාධාවක් ඇතිවිය හැකි බවටද මතයක් ඇතිව තිබේ.

මෙම පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වී පරාජය ලැබූ අතුරලියේ රතන හිමියන්ද තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා විය.