தமிழ்
English
Contact
Thursday 12th December 2019    
ජීන් අරසනායගම්, ලාංකීය කිවිඳිය නිහඬ වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජීන් අරසනායගම්, ලාංකීය කිවිඳිය නිහඬ වේ!



ලංකාවේ ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයේ යෙදෙන ලේඛිකාවන් අතර ප්‍රකට ලේඛිකාවක්, කිවිදියක ලෙස කීර්තියක් දිනූ ලේඛිකා ජීන් අරසනායගම්, ඊයේ(31) අභාවයට පත් වූවාය.

විදේශගතව අධ්‍යාපනය ලැබූවද මෙරට සිට සමකාලීන මිනිස් ජීවිතය හා සමාජ අර්බුදය පදනම් කරගෙන නිර්මාණකරණයේ යෙදුණ ඇය, කෘති 50ක් පමණ ප්‍රකාශයට පත් කළාය. සිවිල් යුද්ධය, ස්ත්‍රී පුරුෂභාවය, මානව සබඳතා, සහ පශ්චාත් යටත්විජිත සන්දර්භය ඇගේ නිර්මාණවලට පාදක විය. එසේම ඉංග්‍රීසි බසින් කළ ඇගේ කාව්‍ය නිර්මාණ, ඩෙන්මාර්ක්, ස්වීඩන්, ප්‍රංශ හා ජපන් භාෂාවලට පරිවර්තනය වී තිබේ. එහෙත් ඒවා බොහොමයක් තවමත් සිංහල බසට පරිවර්තනය වී නැති බවද මෙහිදී සටහන් කළ යුතුව ඇත. මිය යනවිට ඈ 88 වැනි වියෙහි පසු වූවාය.