Posted on 05.21.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සියදිවි නසාගන්නට උත්සාහ කළ තරුණියක් බේරාගන්නට සිය ජීවිතය පරදුවට තබා කටයුතු කළ තලවාකැලේ තරුණයකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ තරුණියක් බේරා ගැනිමට දියට පැන්න දෙදරු පියකුවන ඒම තරුණයාගේ සිරුර එම ජලාශයේම තිබී අද(21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයන් විසින් සොයා ගෙන ඇත. මෙසේ සොයාගනු ලැබුවේ තලවකැලේ ලිදුල රත්නිල්ලකැලේ ප්රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් නැමති (28) හැවිරිදි තරුණයකුගේ සිරුරය.
අද පෙරවරු 10.30ට පමණ. ඉහළ කොත්මලේ ජලාශය මතින් දිවෙන දුම්රිය මාර්ගයේ පාලමෙන් තරුණියක් ජලාශයට පැන ඇත. එය නරඹන්නට විශාල පිරිසක් පාලම මත රැස් වී සිටියද තරුණිය බේරාගන්නට ඉදිරිපත් වන්නේ ඒ අසලින් රැකියාවට යමින් සිටි මෙම තරුණයාය. මේ අතර, තලවාකැලේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්රනාන්දු සැණෙන් ක්රියාත්මකවී ජලාශයට පැන තරුණියගේ දිවි බේරාගැනිමට සමත්විය. ඒහෙත් තරුණියගේ දිවි බේරාගන්නට පැමිණි වඩුකාර්මික සහකරුවකුවන හමීඩ්, අවාසනාවන්ත ලෙස දියේ ගිලී මරණයට පත් විය.