தமிழ்
English
Contact
Monday 6th July 2020    
ජූලියන් අසාන්ජ්, කොන්දේසි විරහිතව නිදහස් කරනු! - මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන බලකරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජූලියන් අසාන්ජ්, කොන්දේසි විරහිතව නිදහස් කරනු! – මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන බලකරයි



විකිලීක්ස් ‌හෙළිදරව්කිරීම් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ඔහුට එරෙහිව ගෙන යන නීතිමය කටයුතු වහාම අවසන් කරන ලෙසත් ඉල්ලමින් ලොව පුරා මාධ්‍යවේදීන් හා මාධ්‍ය සංවිධාන ගණනාවක් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමින් පවතී.

අන්තර්ජාලයේ හුවමාරුවන පෙත්සමක් ‌ලෙස පවතින ‌විරෝධතා දැක්වීම සහ බලපෑම් කිරීමේ සංදේශයට මේ වනවිටත් මාධ්‍යවේදීන්, මධ්‍යෙ සේවකයන් සහ සමාජය ක්‍රියාකාරිකයන් 840කට ආසන්න පිරිසක් අත්සන් කර තිබේ.

බ්‍රිතාන්‍යය විසින් දැඩි ආරක්ෂාව යටතේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරගත කිරීම හෙළා දකිමින් එම සංදේශය ලොවපුරා භාෂා අටකින් සංසරණය වෙමින් අත්සන් සඳහා යොමුව පවතී. එක්සත් ජනදපයේ ඔත්තු බැලීමේ පනතේ චෝදනා 17 ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට සහ ඔහු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දරන උත්සාහය මෙහිදී හෙලා දකිනු ලැබ ඇත.

ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් බලහත්කාරයෙන් රැගෙන විත් සිරගත කිරීමෙන් පසුව අසාබ්ජ්ගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක්ව ඇතත් එහිදී ඔහුට වෛද්‍ය පහසුකම් අහිමි කිරීම සම්බන්ධව ප්‍රවීන වෛද්‍යවරුන් 65 කට වැඩි පිරිසක් විසින් පසු ගිය මාසයේ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් වෙත විරෝධතාවක් යොමුකරන ලදී.

ලොවපුරා මාධ්‍යවේදින් අත්සන් කළ ලිපියේ මෙසේ සඳහන් වේ. අසාන්ජ්ට එ‍ෙරෙහිව පවරන ලද නඩුව කතා කිරීමේ නිදහස පිලිබඳ මූලධර්මයට අදාළ හදවතේ රැඳී තිබෙන්නකි. රහසිගත ලියකියවිලි ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ආන්ඩුවට, අසාන්ජ්ට එරෙහිව නඩු පැවරිය හැකි නම් එය, ඕනෑම තැනකදී මාධ්‍යවේදීන්ට එරෙහිව ආන්ඩුවලට නඩු පැවරීමට හැකියාව ලැබෙන්නකි, ලොව පුරා මාධ්‍ය නිදහස පිලිබඳ භයානක පූර්වාදර්ශයකි.”

මානව හිමිකම් උල්ලංඝනයකර ජූලියන් අසාන්ජ් හිරිහැරදායක වධයකට භාජනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉක්වදෝරය සහ ස්වීඩන් පාලකයන් වගකිව යුතු බවට ලොවපුරා මාධ්‍යවේදින් මෙම පෙත්සමෙන් චෝදනා නගයි.

ලිපියේ අවධාරනයක් ලෙස පහත කොටස උපුටා දැක්වීම අත්‍යවශ්‍ය වේ: “මානව හිමිකම්, තොරතුරු දැන ගැනීමේ නිදහස සහ මහජනතාවගේ දැන ගැනීමේ අයිතිය විශ්වාස කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන වශයෙන්, ජූලියන් අසාන්ජ් වහාම නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

“‍යුද අපරාධ හෙලි කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගෙන යන නීතිමය ව්‍යායාමය නතර කරන ලෙස ඉල්ලන මෙන් අපි අපේ ආන්ඩු වලින්, සියලු‍ ජාතික හා ජාත්‍යන්තර ආයතනවලින් සහ සෙසු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව නිවැරදිව ජනතාව දැනුවත් කරන ලෙස අපි සෙසු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.”‍

පෙත්සම අත්සන් කළ මාධ්‍යවේදී නාමාවලිය