தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ජූලියන් අසාන්ජ් පාවාදුන්නේ අමෙරිකාවේ අවශ්‍යතාවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජූලියන් අසාන්ජ් පාවාදුන්නේ අමෙරිකාවේ අවශ්‍යතාවට!



විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් ‍අසාන්ජ් පසුගිය 11 වැනිදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිය ආරක්ෂිත ස්ථානයෙන් පිටමං කරන්නට ඉක්වදෝර් ජනාධිපතිවරයා තීරණය කළේ ඒක්සත් ජනපද කොන්දේසි ඉටු කිරීමට බව විදේශ තොරතුරු නිරීක්ෂකයෝ පවසති.

2012 සිට  බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ ලබා සිටි ඔහු 11 වැනිදා ලන්ඩන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට ඒරෙහිව ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා ස්වීඩනයට භාර දීමට නියමිතව සිටි ජුලියන් අසාන්ජ්ට මීට වසර හයකට පෙරදී ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ ලබා දුන්නේය. ඉන්පසුව ඉක්වදෝර රජය සහ ඔහු අතර මත ගැටුම් හටගෙන තිබූ අතර එක් අවස්ථාවකදී අසාන්ජ්ට අන්තර්ජාලය පරිහරණය කිරීමත් ඉක්වදෝරය තහනම් කළේය.

ජුලියන් අසාන්ජ් මෙසේ රැකවරණ පැතීමට හේතුව ඒක්සත් ජනපදයේ ආරක්ෂක කටයුතු සම්බන්ධ රහස්‍ය තොරතුරු හෙලිදරව් කිරීමේ චෝදනාව මත අමෙරිකාවෙන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමේ සූදානම නිසාය. විශේෂයෙන්ම ඔහු විසින් 2006දී ආරම්භ කළ විකිලීක්ස් වෙබ් අඩවියෙන් ගුවන්තනාමෝ සිරකදවුරේ කටයුතු අනාවරණය කළ අතර ඉන්පසුව චෙල්සි මැනින්ග් නමැති ඒක්සත් ජනපද හමුදා නිලධාරියා සමග ඒක්ව අමෙරිකානු ආරක්ෂක රහස් තොරතුරු විශාල ප්‍රමාණයක් විකිලීක්ස් හරහා අනාවරණය කළේය. ඉරාක යුද්ධය, ඇෆ්ඝන් යුද්ධය ඇතුළු ඒක්සත් ජනපදයේ මිලිටරි තොරතුරු සහිත ලියකියවිලි අධික ප්‍රමාණයක් විකිලීක්ස් වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධ කිරීම නිසා ඔවුන් ඒක්සත් ජනපදයේ අධිකරණය ඉදිරියට ගෙන ගොස් නඩු පැවරීමට ඒක්සත් ජනපදයට අවශ්‍ය වුවද බ්‍රිකාන්‍යයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ ලැබීම නිසා ඒය වැලකිණි..

ඔහුට ලබා දී තිබූ දේශපාලන රැකවරණ ඉවත් කිරීමට ඉක්වදෝරය කටයුතු කළ පසුව අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සඳහා ලන්ඩන් මෙට්‍රො පොලිසියට ඉක්වදෝර තානාපති කාර්යාලයට ඇතුල්වීමටත් ඉඩ ලබා දී තිබුණි. පොලිසිය ජනමාධ්‍ය වෙක සඳහන් කළේ අධිකරණයට භාර වීමට අසාන්ජ් කැමැත්ත පළ කල බැවින් අත්අඩංගුවට ගත් බවයි.