Posted on 06.05.2022 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ජ්යෝෂ්ඨ රංගන ශිල්පිනියක වූ සුමනා අමරසිංහ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (04) ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වී ඇත.
“පිපෙන කුමුදු” චිත්රපටයේ ප්රථම රංගනය ඉදිරිපත් කළ ඇය ඇය සුනේත්රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි වැනි චිත්රපටවලින් ජනප්රියත්වයට පත් වුවාය. මීට අමතරව රෑන ගිරව්, මේ දෑස කුමටද, සුදු පරවියෝ, කඩවුණු පොරොන්දුව වැනි චිත්රපට ගණනාවකට ඇය සිය රංගන දායකත්වය දැක්වුවාය.
පසුකාලයක ටෙලි නිර්මාණවලට ද දායක වූ ඇය මිය යන විට 73 වියේ පසුවූවාය.
