தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ජෙරුසලම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ හමුවක් අද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජෙරුසලම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ හමුවක් අද



එක්සත් ජාතීන්ගේ විශේෂ හමුවක් අද දින පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. පසුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ජෙරුසලම නගරය සම්බන්ධ ප්‍රශ්නයේදී එය ඊශ්‍රායලයේ අගනුවර ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජනපද නිත්‍ය නියෝජිතවරිය වූ නිකී හේලි විසින් සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ජෙරුසෙලම සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වූ යෝජනාවට එරෙහි විය.

මේ ප්‍රශ්නය හේතුවෙන් හෙට දින එක්සත් ජාතීන්ගේ විශ්ෂ සැසියක් පැවැත්විය යුතු බව මුස්ලිම් හා අරාබි රටවල්වලින් ලද ප්‍රබල ඉල්ලීම හේතුවෙන් මෙම හදිසි සැසිය පැවැත්වෙන බව එක්සත් ජාතෘන්ගේ සංවිධානය පවසය.

පසුගිය සදුදා දින එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පලස්තීනය සම්බන්ධයෙන් නිෂේධ බලය පාවිච්චි කළේය.

ජෙරුසෙලම සම්බන්ධව පැණ නැගි මෙම හේතුවෙන් පලස්තීනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානනයේ නියෝජිත රියාද් මන්සූර් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එක්සත් ජනපදයේ ජෙරුසෙලම සම්බන්ධ තීරණයට එරෙහිව ප්‍රතියෝජනාවක් ගෙන එන බවයි.