தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
ජේම්ස් බොන්ඩ් චරිතයෙන් ජනාදරයට පත් 'ෂෝන් කොනරි' සමුගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජේම්ස් බොන්ඩ් චරිතයෙන් ජනාදරයට පත් ‘ෂෝන් කොනරි’ සමුගනී!



20 වැනි සියවසේ බටහිර සිනමාවේ සංකේතයක් බඳු වූ සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ‘ජේම්ස් බොන්ඩ්‘ නමැති බ්‍රිතාන්‍ය ඔත්තුකරුවාගේ වික්‍රමාන්විත චරිතය රඟ පෑ ෂොන් කොනරි අභාවප්‍රාප්ත විය.

තෝමස් ෂෝන් කොනරි , 1930 අගෝස්තු 25 වැනිදා ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නගරයේ කම්කරු පවුලක උපත ලැබීය. පාසල් ජීවිතය කාලයේදීම ඔහු පවුලේ ආර්ථික කටයුතු වලට සහාය වෙමින් පෙදරේරු අත්උදව්කරුවකු, කිරි ගෙනයන්නකු හා මිනිපෙට්ටි ඔප දමන්නකු ලෙස සිය වියදම් පියවාගැනීමට කටයුතු කළේය. පසුව ඔහු රඟහල් සහායකයකු ලෙස රංග ක්ෂේත්‍රෙය් ක්‍රියාකාරිත්වය වෙත පැමිණි අතර එහිදී ඔහුට ලැබුණු අවස්ථා භාවිත කරමින් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ විය. ඔහුගේ සොයුරු නීල් කොනරි සිය වැඩිමල් සොයුරා මෙන්ම රංගන ශිල්පියකු ලෙස ප්‍රසිද්ධ විය.

1950 දසකය වනවිට සිනමා රංගනයට ප්ඉ‍රෙව්යශ වී සිටි ෂෝන්, ඇනා කැරනිනා ටෙලි නිර්මාණයේ රොන්ස්කි සිටුවරයා ලෙසද රොබින් සහ මැරියන් ටෙලි වෘත්තාන්තයේ රොබින් ලෙසද රංගනයෙන් දායක වී තිබිණි. ඉයන් ෆ්ලෙමින්ග් විසින් නිර්මාණය කෙරුනු ‘ජේම්ස් බොන්ඩ්‘ කතා මාලාවේ පළමු සිනමාත්මක ඉදිරිපත් කිරිම් ලෙස ලොව පුරා ජනප්‍රියත්වය දිනාගත් Dr No (1962), From Russia with Love (1963), Goldfinger (1964), Thunderball (1965), You Only Live Twice (1967), Diamonds are Forever (1971), Never Say Never Again (1983) චිත්‍රපටවල බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ 007 ලෙස හඳුන්වන ‘ජේම්ස් බොන්ඩ්‘ චරිතය ෂොන් කොනරි විසින් නිරූපණය කරන ලදී. 1960 දසකය ආරම්භයේ බ්‍රිතාන්‍ය සිනමාවේ සාමාන්‍ය නළුවකුව සිටි ඔහු Dr. No චිත්‍රපටයේ පෙනී සිටි ජේම්ස් බොන්ඩ් චරිතය පළමු රංගනයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රංග ශිල්පියකු ලෙස විශේෂ ජනප්‍රියත්වයකට පත් විය.

එපමණක් නොව, ඇල්ෆ්‍රඩ් හිච්කොක්, රිචඩ් ඇටෙන්බරෝ, සිඩිනි ලුමට්, ජෝන් හස්ටන්, ස්ටීවන් ස්පිල්බර්ග් වැනි අග්‍රගන්‍ය සිනමාකරුවන්ගේ නිර්මාණවල රංගනයෙන් දායක වූ ඔහු, ගෝල්ඩන් ග්ලෝබ්, බ්‍රිතාන්‍ය සිනමා ඇකඩමි සම්මානය මෙන්ම අමෙරිකානු ඇකඩමි සම්මාන දිනාගත් රංගධරයෙකි. 2006 වසරේදී රංගන ජීවිතයෙන් විශ්‍රාම ගත් මේ සුවිශේෂි රංග ශිල්පියා ප්‍රසිද්ධියට පත් කළේ ජේම්ස් බොන්ඩ් චරිතය විසින් වුවද ඔහු සිය රංග ප්‍රතිභාව හුදු ක්‍රියාදාම නළුවකුගේ සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. එදා මෙදා තුර රඟපෑ ප්‍රමුඛ නිර්මාණ ලෙස Marnie (1964), The Hill (1965) Murder on the Orient Express (1974), The Man Who Would Be King (1975), A Bridge Too Far (1977), Highlander (1986), The Name of the Rose (1986), The Untouchables (1987), Indiana Jones and the Last Crusade (1989), The Hunt for Red October (1990), Dragonheart (1996), The Rock (1996), සහ Finding Forrester (2000) සිනමා ලෝලීන්ගේ හා විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබේ.

සිය 90 වැනි වියේදී බහමා දූපත් සමූහයේ නසවු දිවයිනේදී ඊයේ(31) අභාවයට පත් ෂෝන් කොනරිගේ අවසන් කටයුතු තවමත් අවසන්ව නැති වසංගත තත්වය හේතවෙන් පෞද්ගලික මට්ටමෙන් පැවැත්වීමට පවුලේ සාමාජිකයන් තීරණයකර ඇත.