Posted on 08.03.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් කොස්වත්තේ මහානාම හිමි සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය මර්දනයට එරෙහිව ගාලුමුවදොර පිටියේ අද පැවති විරෝධතාවනේ පසුව, ලංකා ගුරු සංගම් කාර්යාලය වන ‘ගුරු මැදුර’ට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉකුත් මැයි 28 වන දින අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි.
මේ අතර වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අද සවස කොළඹ මහජන පුස්තකාලයට කැඳවා තිබූ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ සාකච්ඡාවට සහභාගී වී යමින් සිටි කොස්වත්තේ මහානාම හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.