Posted on 01.31.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායකට බිත්තර හා ගල් ප්රහාරයක් එල්ල කළ පුද්ගලයන් දෙදෙනකු පොලිසියට භාරදීමට එම පක්ෂයේ පිරිසක් කටයුතු කර ඇත.
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් සමුළුවට සහභාගි වීම සඳහා ඊයේ(30) කලගෙඩිහේන ‘ග්ලාස්ගොව්’ ශාලාවට පැමිණෙමින් සිටියදී එහි
පැමිණි පිරිසක් මෙසේ ප්රහාරයක් එල්ල කළ පසු ජ.වි.පෙ. සාමාජිකයන් විසින් මෙම දෙදෙනා අල්ලා බාර දුන් බව නිට්ටඹුව පොලීසිය කියයි.
එම අවස්ථාවේ පැන ගිය බව කියන අනෙක් මැර පිරිසද අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලිසිය කියයි.
මෙම මැරයන් විසින් ල්ල කළ ගල් ප්රහාරයෙන් තුවාල ලැබීම නිසා සමුළුවට සහභාගි වීම සඳහා පැමිණෙමින් අයකු රෝහල් ගත කළ බවද දැනගන්නට ඇත.