தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
ජ.වි.පෙ. මන්ත්‍රීවරු පත්කරන්න, බැසිල්ගෙන් ඉල්ලීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ.වි.පෙ. මන්ත්‍රීවරු පත්කරන්න, බැසිල්ගෙන් ඉල්ලීමක්!



මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පත්කරන ලෙස බැසිල් රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඊයේ(2) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සිදුකළ එම ප්‍රකාශය මෙසේය.
“මම කැමැතියි ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනවා නම්. සමහර විට මේ ප්‍රකාශය ටිකක් ආන්දෝලනාත්මක නමුත් එහෙම වුනොත් හොඳයි. නැත්නම් දැන් ඉන්න විපක්ෂයේ කතා බැලුවහම කට්ටියක් විහිළු සපයනවා. කුහක විපක්ෂයක් එනවද? බොළඳ විපක්ෂයක් එනවද? නැත්තං විහිලු විපක්ෂයක් එනවද කියන එකයි අපි බලාගෙන ඉන්නේ”
ඉදිරි පාර්ලිමේන්තුවේ බලතුලනයට බැසිල් රාජපක්ෂ සකස්කරන සැලසුමකදී ජ.වි.පෙ. මන්ත්‍රී ධුර අවශ්‍ය බව ඒයින් පැහැදිලිවන බව දේශපාලන නිරීක්ෂකයන් පවසයි.