தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ජ.වි.පෙ. යළි දූෂණ විරෝධී පුවරුව අතට ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ.වි.පෙ. යළි දූෂණ විරෝධී පුවරුව අතට ගනී!



ජනතා විමුක්ති පෙරමුණ යළිත් 2015 ප්‍රධාන සටන්පාඨයක් ලෙස ගත් දූෂණ විරෝධය දේශපාලන ප්‍රචාරයට භාවිත කිරීමට සූදානම් වේ.

ජ.වි.පෙ. නායක අනුර දිසානායක විසින් මේ සදහා පළමු පියවර තබා ඇත්ත‍ේ දුෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව පවසමිනි.

ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්විමට එක් වෙමින් මේ බව සඳහන් කළේය. වත්මන් අගමැතිවරයා සොරකම් කර ඇති බවට තමන් චෝදනා කරන බවත්
චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ඔප්පු කිරිම සඳහා සාක්ෂි තමන් සතු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය. එසේම අගමැති විසින් සොරුන් ආරක්ෂා කර ඇති බවත්, සොරුන් දඬුවම් වලින් ආරක්ෂාකරමින් සිටින බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

2015 මහින්ද විරෝධි සටන්පාඨ අතර වංචා දූෂණ සම්බන්ධයෙන් වැඩිම චෝදනා ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට රනිල්-මෛත්‍රි හවුල් ආන්ඩුවේ දින 100 වැඩසටහනේ මෙහෙයුම් සදහා නායකත්වය දෙන්නට ජාතික මෙහෙයුම් මණ්ඩලයේ සාමාජිකත්වය ලැබිණි. ඉන්පසුව මහබැංකු බැදුම්කර කොල්ලය සිදුවූ පසු ජ.වි.පෙ.ට ආණ්ඩුව තුල සිටීමට නොහැකි තත්වයකට පත් විය. කෙසේවෙතත් 2018 ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රණයට පසුව ජ.වි.පෙ. සිය දේශපාලන සටන්පාඨය ‘ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම’ බවට පත්කරගත් අතර රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය ආරක්ෂා කරගැනීමෙන් පසුව ඉදිරි දේශපාලන කටයුතුවලදී ‘දූෂණ විරෝධය’ නැවත සිය ප්‍රධාන දේශපාලන සටන්පාඨයක් ලෙස ගන්නට ජ.වි.පෙ. සූදානම්වන බව මේ අනුව පැහැදිලි වේ.

කෙසේවෙතත් ජ.වි.පෙ. දූෂණ චෝදනාවලට ලක්ව නැති බව පවසමින් ඔහු සිය පක්ෂයේ කටයුතු පරදුවට තැබීම මින් පෙර මත්පැන් නොබොන නායකයන්ගේ පක්ෂය ලෙස දුන් ව්‍යාජ සහතික වැනිම එකක් නොවේදැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.