தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
ජ.වි.පෙ. සහාය දෙන අපේක්ෂකයා ගැන ලාල් කාන්ත කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ.වි.පෙ. සහාය දෙන අපේක්ෂකයා ගැන ලාල් කාන්ත කියයි



ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ 20 වැනි සංශෝධනයට සහාය නොදෙන තත්වයක් තුළ විකල්ප අපේක්ෂකයකු කෙරෙහි සහාය දක්වන්නට සිදුවන බව ජ.විපෙ. වෘත්තිය සමිති නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලාල් කාන්ත පවසයි.

අද(14) කොළඹ පැවති ගුරු වෘත්තිය සමිති නියොජිත රැස්වීමක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංහෝධනය බලාත්මක කරවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිදු සහායක් නොලැබෙන තත්වයක් දක්නට ලැබෙන බවය. එවැනි පසුබිමක ජ.වි.පෙ. විසින් විකල්ප අපේක්ෂකයකු වෙත සහාය පළ කරන්නට සූදානම් බව ලාල් කාන්ත පැවසීය. ඔහු මෙසේ විකල්ප අපේක්ෂකයකු පිළිබද ප්‍රකාශ කිරීමේදී අදහස් කරන්නේ ජ.වි.පෙ. අපෙකේෂකයකු නොවන බව පැහැදිලිය. මීට පෙර විවිධ අවස්ථාවල ජ.වි.පෙ. කථිකයන් විසින් 2020 ආණ්ඩුවක් සම්බන්ධ අදහස් පළ කර තිබුණද ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවක් පවසා නැත. විශේෂයෙන් 2015 මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරීමට සහාය දුන් සිවිල් සමාජ කණ්ඩායම් සමග පුසගිය කාලයේ ජ.වි.පෙ. විසින් පවත්වාගෙන ගිය සුහද සහයෝගය අනුව පොදු අපේක්ෂකයකු පිළිබද නැවත වරක් අවධානය යොමුව ඇති බව දක්නට ඇත.

ජ.වි.පෙ. දුෂ්කරතාවට පත්වන ජනාධිපතිවරණය බදු අවස්ථාවක වෙනත් පක්ෂ හා එක්ව පොදු අපේක්ෂකයකු වෙත සහාය පල කරන්නට කටයුතු කළ අතර 2015 ජනාධිපතිවරණයට එවැනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පවා අත්හැරියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීමේ අරමුණ නිසාය. එහෙත් 2019 ජනාධිපතිවරණයක් කැදවන්නට සූදානමක් ඇති නිසා මේ දිනවල වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් සැලසුම් සකස් කරමින් සිටින බව ජ.වි.පෙ. ආරංචි මාර්ග අනාවරණය කරයි.