தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
ඥානසාරගේ අභියාචන තීන්දුව පෙබරවාරි 8! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඥානසාරගේ අභියාචන තීන්දුව පෙබරවාරි 8!



සන්ධ්‍යා එක්නැලිගොඩ සාපරාධී ලෙස බියගැන්වීමේ චෝදනාවට අදාළව ගලගොඩඅත්තේ ඥානසාරට පැනවූ සය මසක සිරදඩුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව පෙබරවාරි 8 වැනිදා ප්‍රකාශයට පත් කරන බව හෝමාගම මහාධිකරණය අද(30) නිවේදනය කළේය.

මේ වන විටත් එම භික්ෂුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාලව අභියාචනාධිකරණ තීන්දුවකට අනුව වසර හයක සිරදඩුවමක් නියමව බන්ධනාගාරගතව සිටියි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව 2016 වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ එම නඩුවේ පැමිණිලිකාරියක වන සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුනි 14 වැනිදා ඥානසාරට මාස 6ක සිර දඩුවම් නියම කෙරුණි. ඉන් දින 8 කට පසු ම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා චූදිත භික්ෂුව ඇප මත මුදාහැරුණි. එසේ සිටියදී භික්ෂුවට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී අදිකරණයට අපහාස වන අයුරුන් හැසිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය ඥානසාරට වසර 19 ක සිර දඩුවමක් වසර 6 කින් ගෙවී යන පරිදි පසුගිය වසරේ අගෝස්තු 08 වැනිදා නියම කළේය.

මාස 6 ක සිර දඩුවමට අදාලව ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමෙන් පසු එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණද මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ කරුණු නිසි පරිදි අධ්‍යයනයට කාලය ප්‍රමාණවත් නොවූ බැවින් පෙබරවාරී 8 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.