தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
ඥානසාරගේ කාර්යසාධක බලකාය කාර්ය සාධනයට නොවේලු උපදෙස් දෙන්නලු ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඥානසාරගේ කාර්යසාධක බලකාය කාර්ය සාධනයට නොවේලු උපදෙස් දෙන්නලු !



‘එක රටක්- එක නීතියක්’ ජනාධිපති කාර්යසාධක බලකාය කිසිදු කාර්යයක් සඳහා නොව තමන්ට උපදෙස් දීමට පත් කළ කමිටුවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

අධිකරණ ඇමති විසින් සිය ඉල්ලා අස්වීම භාර දෙමින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තම අනුදැනුමකින් තොරව මෙවැනි ආයතන පිහිටුවීම නිසා තවදුරටත් ධුරය දැරිය නොහැකි තත්වයක් උධා වී ඇති බවය. තවද රටේ නීති සම්පාදන කාර්ය පාර්ලිමේන්තුව හරහා සිදුකළ හැකි ක්‍රමවේදය තිබියදී මෙවැනි නීති සැදීමේ කාර්යසාධක බලකායක් පත්කිරීමෙන් අනවශ්‍ය ගැටලු ඇති විය හැකි බවද පෙන්වා දී ඇත.

ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කළේ තමාට එම කාරණයට අදාළව උපදෙස් ගැනීමට බවයි. කෙසේවෙතත් අදාළ උඵදෙස් මත යම් නීති සකස් කිරීමේ කටයුතුවලදී අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා ඇමති අලි සබ්‍රි වෙත දැනුම්දී ඇත.