தமிழ்
English
Contact
Monday 26th October 2020    
ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් අභියාචනාධිකරණ සභාපති ඉවත් වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් අභියාචනාධිකරණ සභාපති ඉවත් වෙයි



අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් අද(16) ඉවත් වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා ගොනු කළ එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවන් ඉදිරියේ කැඳවූ අතර එහිදී සභාපති විනිසුරු නවාස් විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල මින් ඉදිරියට විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල පත්කර ඇත.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝබර් මස 20 වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියි.

ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර තිබේ.