Posted on 06.24.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාව මත නිදහස් කිරීම තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමිට මෙසේ ජනාධිපති සමාව හිමිවූයේ මැයි 23 වැනිදාය.
පෙත්සම්කාරිය ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමි වරදකරු කරමින් අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක් සිර දඬුවමක් නියම කර එය වසර 06 කින් ගෙවී යා යුතු බව තීන්දු කළ බවයි. එසේ වරදකට සිරදඬුවම් ලබා සිටි අයකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙත්සම්කාරිය පෙන්වා දෙයි.
මේ හේතුව මත ඥානසාර හිමි වෙත ජනාධිපති සමාව ප්රදානය කිරීමට අදාළ පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසද ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා , අධිකරණ අමාත්‍යවරිය, ජනාධිපති ලේකම්වරයා, පොලිස්පති පූජිත් ජයසුන්දර, වැඩබලන පොලිස්පතිවරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු පිරිසකි.
මේ වනවිට සහ සන්ධ්‍යා එක්නැළිගොඩ වෙත අවමන් සහගත ලෙස බැන තර්ජනය කිරීමේ චෝදනා සම්බන්ධව මහාධිකරණය විසින් ඥානසාර හිමිට ලබාදුන් මාස6ක අත්හිටවූ සිරදඩුවම පිළිබද ඇය විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සමද විභාගයට ගෙන ඇත.