தமிழ்
English
Contact
Monday 6th July 2020    
ටයරයක් හිසේ වැදී අනතුරට ලක්වූ ජපුරේ සිසුවා සුවය ලබයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටයරයක් හිසේ වැදී අනතුරට ලක්වූ ජපුරේ සිසුවා සුවය ලබයි



ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී ට්‍රැක්ටර් ටයරයක් හිසෙහි වැදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා මාස තුනකට පසු සුවය ලබා ඊයේ (11) රෝහලෙන් පිටව ගොස් තිබේ.

එම සිසුවා හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසිඳු දින 98ක් පමණ එහි ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුවකු වූ පසිඳු හිරුෂාන් විශ්ව විද්‍යාලයේදී ඉකුත් මාර්තු 5 වැනිදා පැවති නවක සිසුන් පිළිගැනීමේ සාදයක් අතරතුර සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ අතර ඔහුගේ හිසෙහි පසුපස කොටසට බරපතල සිදුව තිබිණි.

ඒම සිදුවීම අවස්ථාවේ ඇතැම් මාධ්‍ය විසින් මෙම සිදුවීම නවක වද සිදුවීමක් හැඳින්වුවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය සංගම් සඳහන් කර තිබුනේ කළමනාකරණ පීඨයේ පළමුවසර සිසුන්ගේ සාදයකදී මෙම අනතුර සිදුව ඇති නමුත් කවුරුන් කාට එරෙහිව සිදුකළාද යන්න ගැන නිලවශයෙන් ප්‍රකාශ කළ නොහැකි නමුත් මෙය හදිසි අනතුරක් බව නිසැකවම පැවසිය හැකි බවයි. කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙමින් තිබේ.