தமிழ்
English
Contact
Monday 26th October 2020    
ටයර් දමා පුළුස්සා තිබූ මල සිරුරක් හමුවෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටයර් දමා පුළුස්සා තිබූ මල සිරුරක් හමුවෙයි



ටයර් දමා ගිනිතබා තිබූ මිනිස් මළ සිරුරක් දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් ගෝන වැව ප්‍රදේශයට ගොස් සොයා බැලීමේදී ඒ වනවිටත් ටයර් දමා මෙම සිරුර පිලිස්සීමෙන් තිබුණු බව පොලීසිය පවසයි.

ඊට පෙර දින හෝ දහවල් කාලයේ මෙම අපරාධය සිදු කරන්නට ඇතැයි පොලිසිය විශ්වාසය පළ කර සිටී.

මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද මෙම අපරාධය සිදු කළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

ඉහල ඇරෑවුල ගෝන වැව ජන ශූන්‍ය ප්‍රදේශයක් බව පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත මෙම අස්ථි කොටස් යැවීමට අවශ්ය පියවර ගන්නා බව පොලීසිය සඳහන් සඳහන් කර ඇත.