தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
ටයිගර් වුඩ්ස්ට වසර 11කින් ජයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටයිගර් වුඩ්ස්ට වසර 11කින් ජයක්!



ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ගෝල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් වසර 11 කට පසු ප්‍රධාන පෙළේ තරඟාවලියක් ජය ගැනීමට ඊයේ(15) සමත් වූ බව වාර්තා වේ.

අමෙරිකාවේ ඔගස්ටා ගොල්ෆ් තරඟාවලිය ජය ගැනීමට 43 හැවිරිදි ටයිගර් වුඩ්ස් සමත් වූයේ 2008 අවසන් වරට ප්‍රධාන පෙලේ ගොල්ෆ් තරඟාවලියක් ජය ගැනීමෙන් පසුවය.


දිගු කලකට පසුව ටයිගර් වුඩ්ස්   හිමිකරගත් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් මෙන්ම හිටපු ජනාධිපති බැරක් ඔබාමාද සුබ පතා ඇති බව විදේස මාධ්‍ය වාර්තා කරයි.