தமிழ்
English
Contact
Friday 29th May 2020    
ට්‍රම්ප්ට විරෝධය පාමින් ධවල මන්දිරය ඉදිරිපිට අවමංගල්‍යයක් පවත්වති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ට්‍රම්ප්ට විරෝධය පාමින් ධවල මන්දිරය ඉදිරිපිට අවමංගල්‍යයක් පවත්වති!



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය වසංගතයේදී දැක්වූ වගකීම්විරහිතභාවය සම්බන්ධ විරෝධතා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද සිවිල් සංවිධාන සහ ජනතාව එකතු වී දක්වන විරෝධතා උත්සන්නවී ඇත.
ඊයේ(21) පස්වරුව වනවිට එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් 15,57,727ක් හඳුනාගෙන තිබූ අතර ආසාදිතයන්ගේ මරණ 93,313ක් වාර්තා විය. මේ තත්වය ඒරට ජනතාවගේ විරෝධය දිනෙන් දින වර්ධනය කරවන්නට සමත්ව තිබේ.
ඊයේ (20) ධවල මන්දිරය ඉදිරිය ඉදිරිපිට මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට සමාන අනුරූ සකසමින් සහ වොෂින්ටනයේ ලෆායට් චතුරශ්‍රය ඉදිරියේ බිම අතුරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
ඒහිදී ‘ජනාධිපති ට්‍රම්ප් තව මිනීවල් කීයක් හාරයිද ?’, ‘ට්‍රම්ප් අසාර්ථකයි අපේ නොලැබීම’ යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කෙරිණි. අවමංගල්‍ය උත්සවයක් ස්වරූපයෙන් ධවල මන්දිරය ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවෝ මළමිනී අනුරූ බිම විසුරුවමින් සුදු පැහැති රෝස මල් ද තැබූහ.