தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ටෝකියෝ ඔලිම්පික් උස පැනීමෙන් ක්‍රීඩාශීලීත්වයේ ජයග්‍රහණයක් සමග මනුෂ්‍යත්වයේ රන් පදක්කමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටෝකියෝ ඔලිම්පික් උස පැනීමෙන් ක්‍රීඩාශීලීත්වයේ ජයග්‍රහණයක් සමග මනුෂ්‍යත්වයේ රන් පදක්කමක්!



ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් කටාර්හි ලෝක උස පැනීමේ ශූර මුටා ඉසා බාර්ෂිම්, තමන් හා කරටකර කුසලතා වාර්තා කළ ඉතාලියේ තම්බෙරි ගියන්මාකෝ සමග රන්පදක්කම සමව හිමිකර ගැනීමට කැමැත්ත පළ කළේය.

පිරිමි උස පැනීමේ අවසන් තරග වාරය අද පැවති අතර එහිදී ක්‍රීඩකයන් තිදෙනෙක්ම උපරිම උස මීටර් 2.37ක කුසලතාව දක්වා තිබුණි. කෙසේවෙතත් කුසලතා ලේඛනයේ ඉහළින්ම එනම් අංක 1 ලෙස නම් සටහන් වූයේ ඉතාලියේ තම්බෙරි ගියන්මාකෝ සහ කටාර්හි මුතාස් බාර්ෂිම් ලෙසිනි. පිරිමි උස පැනීමේ තරඟයේ අවසන් ජයග්‍රහණය තීරණය කිරීමට තවදුරටත් තරග වටයක් පැවැත්වීමට හෝ දෙදෙනාගේ කැමැත්ත මත අවසන් ජයග්‍රහණ තීරණය ගැනීමට හැකි බව ඔලිම්පික් ක්‍රීඩා සංවිධායකවරයකු ඔවුන් වෙත පැමිණ දැනුම් දෙන ලදී.

ඒ අවස්ථාවේ තරග සංවිධායකගෙන් බාර්ෂිම් ඇසුවේ ‘අපි දෙන්නට රන් පදක්කම් දෙකක් ගන්න පුලුවන්ද?’ යන්නය. එසේ කළ හැකි බව අඟවමින් සංවිධායකයා හිස වැනූ විට ක්‍රීඩකයන් දෙදෙනා එකිනෙකාට සුභ පතාගෙන ඊට එකඟතාව පළ කළහ.

29 හැවිරිදි ඉතාලි ක්‍රීඩක තම්බෙරි ගියන්මාකෝ, 2016 ලොව ඉහළම දක්ෂතා දක්වමින් සහභාගි වූ සියලු තරගවලින් ජයග්‍රහණය කර තිබුණද පාදයෙ තුවාලයක් හේතුවෙන් ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වූ ක්‍රීඩකයකු විය. මෙවර ඔහු ඔලිම්පික් තරගාවලියට ‍පැමිණීයේ සිය ක්‍රීඩා ජිවිතයේ අවසන් අපේක්ෂාවක් ලෙස ඔලිම්පික් රන් පදක්කම ඉලක්ක කරගෙනය. කෙසේවෙතත් මේ වන විට ලෝකයේ ඉහළම සමත්කම් පෙන්වා ඇති උස පැනීමේ ශූරයා ලෙස 30 හැවිරිදි මුටා ඉසා බාර්ෂිම් හා කරට කර තත්වයක් නිසා අවසන් තීරණය සඳහා දෙදෙනාගේ තරග කිරීමේ ඒකඟතාව ලබාගැනීමට සිදු විය. එහිදී ලෝක උස පැනීමේ ශූර මුටා ඉසා බාර්ෂිම්, ක්‍රීඩාවේ ඉහළම ගුණාංගයක් අනාවරණය කරමින් ඔලිම්පික් සිහිනය වෙනුවෙන් හඹා ආ සහෝදර ක්‍රීඩකයා සමඟ රන් පදක්කම බෙදා ගැනීමට ඒකඟතාව පළ කළේය. සුඩානයේ ඉපිද කටාර් රාජ්‍යයට සංක්‍රමණය වී සිටින මුටා ඉසා බර්ෂිම්, ලෝකයේ වැඩිම උස පැනීමේ කුසලතාව මීටර් 2.39ක වාර්තා පිහිටුවා තිබුණේද ඉතාලි ක්‍රීඩක තම්බෙරිට ඔලිම්පික් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ 2016 වසරේදීමය.

මේ අනපේක්ෂිත අවස්ථාව නිසා ප්‍රමෝදයට පත් ඉතාලි ක්‍රීඩක තම්බෙරි ගියන්මාකෝ ක්‍රීඩා පිටියේ බිම පෙරළෙමින් කඳුළු වගුරමින් සිය ජයග්‍රහණයේ සතුට විඳිනු දක්නට ලැබිණි.