தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
ඩලස්ට අයවැයෙනුත් කැපිල්ලක් - අඩුම මුදල විදුලි බල අමාත්‍යංශයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩලස්ට අයවැයෙනුත් කැපිල්ලක් – අඩුම මුදල විදුලි බල අමාත්‍යංශයට



මෙවර අයවැයෙන් රුපියල් කෝටි 31ක ඉතා අවම මුදල වෙන් කර තිබෙන්නේ ඩලස් අලහප්පෙරුම විදුලි බල අමාත්‍යවරයා වෙනුවෙනි.

මෙයට පෙර ඉදිරිපත්කරන ලද 2021 වර්ෂය වෙනුවෙන් වූ විසර්ජන පනතට අනුව අවම මුදල් ප්‍රමාණය වෙන්කර තිබුණේ උදය ගම්මන්පිල බලශක්ති ඇමතිවරයාටය. එම මුදල රුපියල් කෝටි රුපියල් 25ක් විය. එය රුපියල් කෝටි 280 දක්වා ඉහළ දමා තිබේ.

එහෙත් විසර්ජන පනතින් රුපියල් කෝටි 31ක් ඩලස් අලහප්පෙරුම විදුලි බල අමාත්‍යවරයාට වෙන් කරන ලද මුදල වැඩිකර නැත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එම කැබිනට් ඇමතිවරයා යටතේ සිටින සූර්යබල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාට රුපියල් කෝටි 73ක මුදලක් වෙන් කර තිබීමය.

එසේම කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට වඩා අඩු මුදලක් වෙන්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් පමණක් සිටීමද මෙම මුදල් වෙන් කිරීමේ විශේෂත්වයක් ගෙන ඇත.

ගෙවී යන 2020 වසරේදී විදුලිබල අමාත්‍යාංශට රුපියල් කෝටි 5,828ක් වෙන්කර තිබී ඇත.

ඩලස් අලහප්පෙරුම වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා විශේෂ වැඩකොටසක් සිදුකළ පුද්ගලයෙකි. නමුත් මේවනවිට ආණ්ඩුව තුළින්ම ඩලස් අලහප්පෙරුමට පල නොකියා පළා බෙදීම ආරම්භ වී ඇති බව වාර්තා වේ.