தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ඩලස්ට ජනමාධ්‍ය ඇමතිකම ලැබුනු පසු පැණි මුට්ටිය මතක් වෙලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩලස්ට ජනමාධ්‍ය ඇමතිකම ලැබුනු පසු පැණි මුට්ටිය මතක් වෙලා!



කොරෝනා වයිරසය පාලනය කළ හැක්කේ එන්නත්කරණය ඇතුළු විද්‍යාත්මක උත්තර සෙවීමකින් හෝ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඩලස් අලහප්පෙරුම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති ලෙසද ඉන්පසුව බලශක්ති ඇමති ලෙසද කටයුතු කළේය. 2020 වසරේ වසංගතය රටපුරා ව්‍යාප්ත වීමේදී එකම ඇමති මණ්ඩලයේ සෞඛ්‍ය ඇමතිවරිය පැණියක් හා දියර මුට්ටි වැනි මිත්‍යා මත ප්‍රවර්ධනය කළ අතර ඒ සම්බන්ධයෙන් කිසිදු විවේචනයක් නොකොට නිහඬව සිටි ඩලස් අලහප්පරෙුම දැන් ඒ සම්බන්ධ විවේචනය කරයි. පාසල් දරුවන්ගේ උථ්සවයකදී ඔහු පවසා ඇත්තේ පැණි මුට්ටි ටොන් ගණන් බිව්වත් පැණි මුට්ටි හිසේ තබාගෙන ගොස් ගඟට නොව බෝක්කු යටට දැම්මත් කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි බවය.

මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සදහා වැලිගම ප්‍රාදේශීය සභාව මගින් නොමිලයේ ක්‍රියාත්මක කරන “සිප්දොර”අධ්‍යාපනික මාර්ග ගත වැඩසටහනට දින 100 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වු උත්සවයක දී ජනමාධ්‍ය ඇමතිවරයා මේ බව පවසා ඇත.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අමාත්‍යවරයා දරුවන් හා ඔවුන්ගේ මාපියන් ආමන්ත්‍රණය කරමින් පවසා ඇත්තේ කොරෝනා වසංගතය නිසා රටේ ජනතාව බරපතල සෞඛ්‍ය තර්ජනයකට ලක්ව ඇති බවත් එය ජාතික ආර්ථිකයට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට හා මානව සමාජයේ පැවැත්මට විශාල බාධාවක් එල්ල වී ඇති බවත්ය.