தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ඩී.අයි.ජී. දේශබන්දුගෙන් මාධ්‍යවේදි තරිඳුට තර්ජනයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩී.අයි.ජී. දේශබන්දුගෙන් මාධ්‍යවේදි තරිඳුට තර්ජනයක්!



බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත.

මෙම තර්ජනය කිරීමට හේතුව වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සම්බන්ධ‍යෙන් medialk.com වෙබ් අඩවියේ පළ වූ ලිපියක් මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන විසින් සිය ෆේස්බුක් ගිනුමේ පළ කර තිබීමය.

එම පුවත හුවමාරු කළ පෝස්ටුවට ප්‍රතිචාර දක්වමින් දේශබන්ධු විසින් පවසා ඇත්තේ මාධ්‍යවේදී තරිඳු ජනතාව නොමඟ යවන බොරු පළ කරන බව සහ ඒ නිසාම තරිඳුට ‘සොබාදහම දඬුවම් කරනු ඇති බව’ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

මෙම සිදුවීමේදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් යොමුකර ඇත.

මෙම තර්ජනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය සංවිධාන සිය බරපතළ අවධානය යොමුකර තිබේ. මෙවැනි තර්ජනයන් සම්බන්ධයෙන් වහා පියවර ගැනීම අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.