தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජොන් හමුවේ ඒකාබද්ධ ලියවිල්ලකට අත්සන් තබති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජොන් හමුවේ ඒකාබද්ධ ලියවිල්ලකට අත්සන් තබති



ලොව පුරා ජනමාධයවල ඉමහත් ආන්දෝලනයක් ඇති කරමින් එක්සත් ජනපදයේ ජනපති හා උතුරු කොරියානු නායකයාන්ගේ හමුව අද දින සිංගප්පුරුවේදී පැවැත්විනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජෝන් අන් හමුවෙන් පසුව දකුණු කොරියාව සමග එක්සත් ජනපදය පවත්වනු ඒකාබ්ද්ධ යුද අභ්‍යාස නතර කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැය පහකට ආසන්න කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවලින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මින් ඉදිරියට දකුණු කොරියානු හමුදා හා එක්සත් ජනපද හමුදා විසින් පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස මින් පසු නතර කිරීමට තමා තීරණය කළ බවයි.

නායකයින් දෙපළ විසින් ඒකාබද්ධ ලේඛනයකටද අත්සන් තබා ඇත. විශේෂයෙන් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨික අවිවලින් තොර කලාපයක් කිරීම සදහා උපරිම කැපවීමකින් කටයුතු කිරීම තමාගේ අරමුණ බව කිම් ජෝන් අන් පවසා ඇති බවයි.  කිම් ජොන් අන්ට ධවල මණ්දිරයට පැමිණෙන ලෙස ආරාධනයක්ද මෙම හමුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කර තිබේ.

සාකච්ඡා පිළිබදව කිම් ජොන් අන් පවසා ඇත්තේ ලෝකයට ඉදිරියේදී ප්‍රධාන වෙනස්කම් දකින්නට හැකිවනු ඇති බවයි.
ඒකාබ්ධ යුද අභ්‍යාස නතර කිරීම පිළිබිදව දකුණු කොරියාව පවසා ඇත්තේ එම පුවත ඇසීමෙන් ඔවුන් පුදුමයට හා විශ්මයට පත්වූ බවයි. අනාගතය සදහා දෙපාර්ශ්වය නව පරිච්ඡේදයක් ආරම්භ කර සාමය හා සහයෝගිතාවය මගින් රෙටටම සාර්ථකත්වයට ලගාවිය හැකි බවයි.

රුසියාව. චීනය. ජපානය හා බ්‍රිතාන්‍ය යන රටවල් විසින් එකසත් ජනපද හා උතුරු කොරියානු නායකයින් දෙපළ විසින් අද දින පවත්වනු ලැබූ සාකච්ඡා පිළිබදව යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තාවේ.




Related News