தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ඩොලර් කෝටි 400ක් ඉන්දියාවෙන් මුල්‍ය සහයෝගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩොලර් කෝටි 400ක් ඉන්දියාවෙන් මුල්‍ය සහයෝගයක්!



ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 400ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ බැංකුව එම මුදල් ලබාදීමට එකඟ වී ඇති අතර තවත් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීම සඳහා ඉන්දියානු මහ බැංකුව සමඟ ද්විපාර්ශවීය හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමට අපේක්ෂිත බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මේ ආකාරයට ඉන්දිය රාජ්‍ය අරමුදල් පිරිනමමින් ඉන්දියාව සූදානම්වන්නේ ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කිරීමේ සද්භාවයකින් නොවන බව නිරීක්ෂකයන්ගේ අදහසයි. ලංකාවේ ආර්ථික මර්මස්ථාන ගණනාවක ඉන්දිය ආයෝජන ඩොලර් බිලියන ගණනින් වටිනාකම් උපදවන අතර ඉදිරියේදී විවිධ ව්‍යාපෘති සදහා ඉන්දිය ණය යෝජනා ක්‍රම මෙන්ම සහයෝගී ව්‍යවසායකත්වයන් යෝජිතය. මෙම තත්වයට අමතරව මත්තල ගුවන් තොටුපළ මෙන්ම කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇත. ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යන්නට ඉන්දායව ලබා දෙන මුදල නැවත පියවිය යුතු මුදලක් මිස සහනාධාර නොවේ. එක්සත් ජනපදය විසින්ද මෙවැනි අරමුදල් ලබා දීමක් සිදුකරන අතර එයින් එක්තරා ප්‍රමාණයක් සහන ණය ලෙසද තවත් ප්‍රමාණයක් සහනාධාර ලෙසද වෙන්කර ඇත. මේ නිසා ඒ  පෙන්වන ඊනියා සද්භාවය අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීමට ලබා දෙන ‘දේශපාලනික ණය‘ බව වටහාගත යුතුව තිබේ.