தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
ඩොලර් ප්‍රශ්නය විසඳනවා නම් සති දෙකෙන් ගෑස් දෙන්න පුළුවන් - ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩොලර් ප්‍රශ්නය විසඳනවා නම් සති දෙකෙන් ගෑස් දෙන්න පුළුවන් – ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය



ලංකාවටම ගෑස් බෙදාහැරීමේ යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින හෙයින් දැනට පවතින ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දී නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දිය හැකි නම් සති දෙකක් ඇතුළත ලංකාවටම අවශ්‍ය ගෑස් සපයා දිය හැකි බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

දැනට පවතින ගෑස් හිඟයට ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ඩොලර් හිඟය නිසා වාණිජ බැංකු විසින් ණයවර ලිපි අවශ්‍ය පරිදි විවෘත නොකිරීම බවයි ඔහු පවසා ඇත.

එමෙන්ම මීට ඉහතදී දෛනිකව ගෑස් සිලින්ඩර 40,000ක් 50,000ක් නිකුත් කළ නමුත් අධිකරණයේ, ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික අධිකාරියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ගෑස් පිරවීමේදී හා බෙදා හැරීමේදී යම් අඩුවක් සිදුවන බවත් ඒ අනුව මේ වන විට දෛනිකව සිලින්ඩර 10,000ක් 15,000 ක් බෙදාහරින බවද වෑගපිටිය සඳහන් කර ඇත.