தமிழ்
English
Contact
Sunday 20th January 2019    
ඩොලර් බිලියන 5.9ක් ණය 2019දි ගෙවන්න වෙනවා - මහබැංකු අධිපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩොලර් බිලියන 5.9ක් ණය 2019දි ගෙවන්න වෙනවා – මහබැංකු අධිපති



2019 ගෙවිය යුතු මූලු ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

එම ණය මුදල ගෙවීමට දැනට රජයට හැකියාව නැති බවද පවතින තත්වය තුල ගෙවීමට හැකි වන්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් බවද පවසන මහබැංකුවේ අධිපතිවරයා, තවත් ඩොලර් බිලියන 2.9ක් අලුතෙන් උපයා ගතයුතුව ඇතැයි ද කීය. වසරේ පළමු මාධ්‍ය හමුව පවත්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තවදුරටත් පැවසුව‍ෙ ඔක්තෝබර් 26 වැනිදා ඇති වූ දේශපාලන කුමන්ත්‍රණයෙන් සිදු වූ හානිය ගණනය කළ නොහැකි බවය. අර්බුදය ඇති වීමට පෙර තත්ත්වයත්, එසේ නොවුණා නම් තත්ත්වයත් අර්බුදයෙන් පසු තත්ත්වයත් යන කරුණු නිසා එසේ ගණනය කිරීමක් කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පහළ ශ්‍රේණීවලට දැමූ බැවින් මූල්‍ය ආයතන සමඟ නැවත අලුතෙන් සාකච්ඡා කරන්නට සිදුවූ ඇති බව පැවැසූ මහ බැංකු අධිපතිවරයා ඉදිරි සති කිහිපයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ද කීවේය.