Posted on 02.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) විශාල ණයබරක් හේතුවෙන් සහ වසංගතයේ හේතු මත පහළ බසිමින් තිබෙන මෙරට ආර්ථිකයේ ගැලවීම සඳහා යැයි කියමින් චීනයෙන් විශාල ණය මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.
මේ ආකාරයට, ඉන්දිය ණයමුලක් ලෙස ඩොලර් මිලියන 400ක් ලබාගෙන එය පියවා ඇති නමුත් නැවත අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක් චීනයෙන් ණය ලබාගන්නට තීරණය කර ඇත.
ආණ්ඩුවේ තීරණය ප්‍රකාශයට පත් කරමින් මහබැංකුව නිවේදනය කරන ආකාරයට, විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා ඉල්ලා සිටි විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර ඇත.
මේ සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් තැබීම පෙබරවාරි මස අගදී සිදු කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසයි. ආනයන වියදම් හෝ වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවකදී අදාළ මුදල ලබාගත හැකි බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දියාව විසින්ද මෙවැනි ක්‍රමයකින් ලබාදුන් ණය පහසුකම නැවත ඉල්ලා සිටි අතර එය නැවත පියවා දැමීමට සිදුවීමේදී වෙනත් ණය ගැනීමට සිදුව ඇත. නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට ආණ්ඩුව තීන්දු කිරීමත් සමග ඉන්දියාවෙන් ලබා දුන් ඩොලර් මිලියන 400ක ණය මුදල පැය 48ක් ඇතුළත පියවන ලෙස ඉන්දියාව දන්වා සිටි බවද ඉක්මනින්ම එම ණය මුදල පියවීමට පියවර ගත් බවද මහබැංකුව නිවේදනයකර තිබිණ.