தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනාධිපති අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනාධිපති අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලයි



කොරෝනා වයිරස තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රටවලට අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා තිබේ.

බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවලට වසංගත අවස්ථාවේ සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.