தமிழ்
English
Contact
Monday 8th March 2021    
ණය බර නිසා සිය දිවි නසාගන්නා ජනයාට සමෘද්ධි ණය ගන්නලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ණය බර නිසා සිය දිවි නසාගන්නා ජනයාට සමෘද්ධි ණය ගන්නලු!



ණය ගෙවාගත නොහැකිව සියදිවි නසාගන්නා ලාංකිකයන් අතරට මවක් හා ළදරුවකු එක්වී ඇති බව පසුගිය 23 වැනිදා වාර්තා විය.

ගන්දර, බංගලාවත්ත ප්‍රදේශයේ සිය 4 හැවිරිදි පුත්‍රයාද සමග සිය දිවි නසාගෙන ඇත්තේ ධිවරයකුගේ 24 හැවිරිදි බිරියකි.

2019 වර්ෂය තුල සියදිවි නසාගත් ප්‍රමාණය 180ක් බව පොලිස් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි. ඉන් 154ක් පිරිමින්ද 26ක් ගැහැනුන්ද වේ. 2018 වර්ෂයේ මෙසේ දිවි නසාගත් සංඛ්‍යාව 238කි. මෙවැනි සියදිවි නසාගැනීම්වලට හේතුව ආර්ථික දුෂ්කරතා, දුප්පත්කම සහ ඉසිලිය නොහැකි ණය බර බව අවධානයට ලක් විය.

ණය දෙන මුල්‍ය ආයතන සහ ඒවායේ නිලධාරි පැලැන්තියේ හිරිහැර, තර්ජන හා ලිංගික සූරාකෑමේ පීඩාව දරා ගැනීමට නොහැකිව දිවි නසාගැනීම් සිදුවන බව සමීක්ෂණ වලින් අනාවරණය වේ. ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන සහ මුල්‍ය සමාගම්වල අධික පොලී සහිත ණය ක්‍රමවලට විරුද්ධව 2017 වසරේ සිට විරෝධතා ඇවිලුනි.

ජනාධිපතිවරණයේදී මෙවැනි ණයගැති කාන්තාවන් වෙත සහන ලබා දෙන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහන ලැබෙන තුරු ණයබරින් පීඩිත ජනයා බලා සිටී. එහෙත් ගෝඨාභයගේ ආණ්ඩුවද මේ වනවිට ජනතාවට කියන්නේ සමෘද්ධි සහනාධාරවලින් ණයක් ගෙන ණය පියවිය හැකි බව පවසා ඇත.