தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
ණය සීමාව වැඩිකරන්න තීරණයක් - ණය උගුලේ තව ගිලෙන්න සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ණය සීමාව වැඩිකරන්න තීරණයක් – ණය උගුලේ තව ගිලෙන්න සූදානම්!



ඉකුත් වසරේ නිරවුල් නොකරන ලද බිල්පත් පියවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා රජයේ ණයගැනීමේ සීමාව රුපියල් කෝටි 35.300 න් ඉහළ දැමීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය තීරණය කර ඇත.

2019 ඔක්තෝබර් මස 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරු සම්මත ගිනුම පවා මේ වෙනුවෙන් සංශෝධනය කිරීමේ යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන තිබේ. ඒ අනුව, රුපියල් කෝටි 73,500 ක් ලෙස පැවැති රජයේ ණය සීමාව, රුපියල් කෝටි 1,08,800 දක්වා ඉහළ දැමෙනු ඇත.

පසුගිය වසර කිහිපය තුළ රජයේ යෝජනාවක් සහ සංවර්ධක කටයුතු වෙනුවෙන් වැය කරන ලද වියදම් වලට අදාළව නිරවුල් කර නැති රුපියල් කෝටි 15,600 ක බිල්පත් සහ ගිනුම් ගත නොකරන ලද විශේෂ ණය රුපියල් කෝටි 21,100 ක් ද ඇතුළු රුපියල් කෝටි 36,700 ක වගකීම් නිරවුල් කිරීම වෙනුවෙන් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

ඉකුත් ආණ්ඩුව සමයේ ගැනුම්කරුවන්ට කොන්ත්‍රාත්කරුවන්ට හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා ඇති බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 52,400 ඉක්මවන බව අගමැති මහින්ද රාජපක්ෂ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය.