தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
තනතුරෙන් පහළ හෙලීමට එරෙහිව ෂානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තනතුරෙන් පහළ හෙලීමට එරෙහිව ෂානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්



හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාව සිටි කාලයේ තමන් ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහයකයකු ලෙස තනතුරින් පහළ හෙළීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක් රජයෙන් අය කර දෙන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

එසේම තමාගේ තනතුර පහළ දැමීමට ගත් තීරණය අවලංගු කර නැවතත් රහස් පොලිස් අධ්‍යක්ෂක තනතුරේ පිහිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති , ජාතික පොලිස් කොමිසම සභාපති ඇතුළු සාමාජිකයන් , නීතිපති ඇතුළු 17 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.