தமிழ்
English
Contact
Thursday 28th January 2021    
තමන්ට එරෙහි විවේචකයන් මඩින්න යන ආණ්ඩුව ගැන තිස්සගෙන් අනතුරු ඇඟවීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තමන්ට එරෙහි විවේචකයන් මඩින්න යන ආණ්ඩුව ගැන තිස්සගෙන් අනතුරු ඇඟවීමක්!



ආණ්ඩුව තමන්ට එරෙහි විවේචකයන් මර්දනය කිරීමට උත්සාහ දරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ආණ්ඩුව සමාජ ක්‍රියාධාරීන් මර්දනය කිරීමට ගන්නා උත්සාහය පෙන්නුම් කරන හොදම නිදර්ශනයක් ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙසුණු සිංහල ජාතිකවාදී හිමි නමකට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති ආකාරයයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ බවට චෝදනා කෙරෙන වංචා කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ හෙළිදරව්වක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිංහලේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් ප්‍රශ්න කර තිබුණි. කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව ආහාර හිඟයකින් පෙළෙන අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට බදු සහනයක් ද සමග වයඹ ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය ආපසු ලබාදී ඇති බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුනි.

නොවැම්බර් 24 අගහරුවාදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තිස්ස අත්තනායක පවසා ඇත්තේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට අමතරව ආණ්ඩු විරෝධි මත පල කරන සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් දෙසීය ගණනක් පස්සෙන් ආණ්ඩුව පන්නමින් සිටින බවයි.