Posted on 10.21.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජාතික ආර්ථික සභාවේ මහා ලේකම් ලලිත් සමරකෝන් මසකට ලක්ෂ පහක වැටුපක් ලැබුවත් ඔහු වැඩිවශයෙන් කාලය ගතකර ඇත්තේ පිටරටක යැයිද මේ තත්ත්වය එම සභාව අහෝසි කිරීමට ප්රධාන හේතුව වූ බවද ජනාධිපති මෛත්රීපාල සිරිසේන කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
අගමැති රනිල් වික්රමසිංහ යටතේ පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව වෙනුවට ජනාධිපතිවරයා විසින් ජාතික ආර්ථික සභාව පිහිටවනු ලැබුවේ 2017 වසරේදීයි.
එහි මහ ලේකම් තනතුරට ලලිත් සමරකෝන් පත්කරනු ලැබුවේද ජනාධිපතිවරයා විසිනි.
කෙසේවෙතත් ජාතික ආර්ථික සභාව අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්රිකාවෙහි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මහ ලේකම්වරයා සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි. මහ ලේකම්වරයා පෞද්ගලික හේතුන් මත නිතර විදේශ ගතවන බවත් මේ වනතුරුම ඔහු ආපසු පැමිණ නැති බවත් එහිදී ඔහු සඳහන් කර ඇති බව පැවසේ.