தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
'තමිලන්' පුවත්පතේ කතුවරයාගේ නිවසට CID කියාගත් පිරිසක් ඇතුළුවීමට උත්සාහ කරලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘තමිලන්’ පුවත්පතේ කතුවරයාගේ නිවසට CID කියාගත් පිරිසක් ඇතුළුවීමට උත්සාහ කරලා



දිලිත් ජයවීරට අයත් ‘ලිබර්ටි පබ්ලිෂර්ස්’ පුවත්පත් සමාගමේ දෙමළ පුවත්පත වන තමිලන් පුවත්පතේ කතුවරයා වන ආර්. සිවරාජ්ගේ නිවසට 11වනදා මධ්‍යම රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යයි කියාගත් පිරිසක් ඇතුළුවීමට උත්සාහ කර තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිටින ඔහු ඊයේ රාත්‍රී ITN නාලිකාවේ දේශපාලන වැඩසටහනකට සහභාගී වී නිවසට පැමිණ ඇත්තේ ඊයේ (12)අලුයම 1.00 ට පමණය.

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පවසමින් අලුයම 2.30 ට පමණ එම නිවාස සංකීරණයට කිසියම් කණ්ඩායමක් ඇතුල්වීමට උත්සහකර ඇතත් ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සැකකර ඇති නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් ඊට බාධා කිරීම නිසා එම පිරිස ආපසු ගොස් තිබේ.

තමිලන් කතුවරයා මේ සම්බන්ධයෙන් අද උදැසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී පවසා ඇත්තේ තම ආයතනයෙන් එවැනි නිලධාරීන් කණ්ඩායමක් නොපැමිණි බවයි.

‘අරුණ’ සිංහල පුවත්පත මෙන්ම ‘ද සන්ඩේ මෝනින්’ ඉංග්‍රීසි පුවත්පතද ප්‍රකාශයට පත්කරනු ලබන්නේ දිලිත් ජයවීරට අයත් ‘ලිබර්ටි පබ්ලිෂර්ස්’ සමාගම විසිනි.

ආර්. සිවරාජ් විසින් ඊයේ පෙරවරුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබේ.