தமிழ்
English
Contact
Monday 6th July 2020    
තවත් ක්‍රිකට් පිට්ටනි මොකටද? - මහේලගෙන් ප්‍රශ්නයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තවත් ක්‍රිකට් පිට්ටනි මොකටද? – මහේලගෙන් ප්‍රශ්නයක්



ලංකාවට තවත් ක්‍රිකට් පිට්ටනි අවශ්‍යද යන්න ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් සිය ට්විටර් පණිවිඩයකින් විමසා සිටී.

සිය පෞද්ගලික ට්විිටර් ගිණුමේ මහේල ජයවර්ධන මතුකරන මෙම ප්‍රශ්නය අදාළ වන්නේ මේ දිනවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් හෝමාගම, දියගම නවීනතම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියටය.

දිවා රාත්‍රි ක්‍රිකට් තරග සඳහා මෙන්ම ආරම්බයේදී 40,000ක ප්‍රේක්ෂාගාරයක් සහිතව ඉදිවන මෙම ක්‍රිඩාංගනයට අමෙරිකානු ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් වැය වෙතැයි ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසා තිබේ. වසර 3ක කාලයක් තිස්සේ ඉදිවන්නට නියමිත මෙම ක්‍රීඩාංගනය සඳහා අක්කර 26ක භූමි භාගයක් වෙන්කරනු ලබන බවද ප්‍රකාශ වී ඇත.

මෙවැනි දැවැන්ත වියදමක් දරමින් විශාල භූමියක් වෙන්කරමින් සිදුකරන ව්‍යාපෘතියක් ක්‍රිකට් ක්‍රීඩක ම‌හේලගේ ප්‍රශ්න කිරිමට ලක්වන්නේ ඒය ලංකාවේ දැනට අවශ්‍යතාවක්ද යන පදනමෙනි. මේ වනවිට ලංකාවේ ක්‍රිකට් කන්ඩායම් දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් යෙදී සිටින තරගවලට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගන ප්‍රමාණවත් නොවන්නේද යන්න ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් විමසයි.